Friday, May 14, 2010

අවුරුදකට පසු නැවත අතිතයට ගියෙමි



ලබන 18 වෙනිදාට ළක්මව එක්සේසත් වෙලා අවුරුද්දක් වෙනවා. මේ යුද්දෙන් වැඩිම බලපැමක් තිබ්බ නගරයක් තමා අනුරාධපුර කියන්නේ, හතරවන ඉළාම් යුද්දෙන් අපේ රටේ ජාතික විරයන් 64000 පමණ දැයට අහිමි වුනා. එ සියල්ලන්ගෙන්ම 19000 අධික පිරිසක් අනුරාධපුර රණවිරුවන් කිවොත් ඔබ පිලිගන්වද? මේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් හැම පවුලකින්ම අඩුම තරම් එක්කෙනෙක්වත් මේ අතර ඉන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රොහලෙන් මේ රණවිරුවන් කිදෙනෙක් ප්‍රතිකර ලබන්න ඇතිද මොහොතක සිතන්න මේ දේවල එක්කම මිට අවුරුදකට කලින් යුද්දෙන් ජයග්‍රහනය කරපු මොහොතේ අනුරපුර ජනතවට එ මොහොතේ ගත කරපු අයුරු මගේ කැමර කාචයේ සටහන් වුණු අයුරුයි මේ, මේ දේවල් නැවත මතක්කරන්නේ අපරටේ ජිවත් වන සුලු පිරිසකට මේව අමතක වෙල කියල මට හැගුණු නිස කෙසේ වෙතත් අද අනුරපුරයේ රණවිරු ස්මරකය ඉදිරියේ ඔවුනට උත්තමචාරයක් පිරි නැමුනා

Monday, May 10, 2010

සොදුර නුඹ ළිහිනියක



සොදුර නුඹ ළිහිනියක රැයේ අදුරට හඩන
මමද ළිහිනියක වෙමි කැඩුණු තටු පිරි මදින
අහින්සක අප දෙදෙන තටු කඩා මේලෙසින
සිදි ගිය ගග දැළ හැර දැමූවේ කවුද
සදට දොස් නොකියන්න සද කුමක් කරන්නද
බාල වයසින් මැරුණු ප්‍රේමයකි තරු එලිය
කඨුක දුක් විරහ මැද අතරමන් වි ගියද
අප තවම පෙම් කරමු අපේ ජිවිත වලට
කිය දෙමු පියමන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුනු කුරුල්ලන් වි දිනක

Wednesday, April 28, 2010

කාත් කවුරුවත්

කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියානම් හෙටත් තියේවිද
මටත් ඉරක් නැගෙනා
සාන්කාව ඇහෙරෙන ඝන අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඇත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ
වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් ඉද
තවත් පලක් නැත්තේ
එත් කියන්නම් හමුවෙමු මතු බවයේ

Sunday, April 11, 2010



බැම්ම බිදුනු වැ තලයකි සොදුර මා හද ඔබ ගිය පසු
නින්ද නැතිය රැ තුන්යම පෙම් කල සිත ගිනිගත් පසු
වළා සළුව සේ සදවට දැවටිවුනි නුබ මා ලග
කිමද කරනා මේ ලෙස රත්තරනේ සිත බිදෙන්ට
බින්න බැස හිදි ගණදුර පහන් නිවා හද ගැබතුල
ඇද්ද රන්සදක් මිහි පිට නුබ මිස මේ හද මැදුරට
බැම්ම බිදුනු වැ තලයකි සොදුර මා හද ඔබ ගිය පසු
නින්ද නැතිය රැ තුන්යම පෙම් කල සිත ගිනිගත් පසු

Saturday, March 27, 2010


ඉකි ගසා හඩන අතිතයක,
කදුළු එක්ක ගනුදෙනු කරනා,
මට මගේ නොවන,
මගේම ආදරයක් තිබුනා.........

හිනෙන් හිනෙහි තුන්යම මා රවටා,
මැදියම් මහ රැ අදටත් හිත ඉගිලෙනවා,
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා,
මට මගේ නොවන,
මගෙම ආදරයක් තිබුනා..........

රිදුමක වගේ කිසිදා සුව නොවෙන,
සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා,
උහුලනු බැරි තැන උණු කදුළුම වගුරුවනා,
මට මගේ නොවන,
මගෙම ආදරයක් තිබුනා............

Wednesday, March 24, 2010

ලේ හැලුනත් පාර දිගෙ අපේ ගමන අපි යනවා



















රජරට සරසවිය හා මිහින්තලය ගම්වාසින් අතර 23 රාත්‍රි 7.30 පමන ගැටුමක ආරම්භ විය, මෙම ගැටුමෙන ප්‍රදේශයේ වෙලදසැලකටත් බරපතල හානි සිදු විය එමෙන්ම ප්‍රාදේශවසින්ගෙ පහර දිමෙන සිසුන් 4 දෙනෙකුත් බරපතල තුවල ලබා තියෙනෙවා කෙසේ වෙතත් මේ වන විට ගැටුම සමතයකට පත කිරිමට මිහින්තලය පොලිසියට හැකියව ලැබුන මේ හේතුව නිස රජරට සරසවිය දින නියමයක නොමැතිව වසා දැමිමට උප කුලපති නන්දසේන මහතා තිරනය කළා ඉන් පවසුව ලේ හැලුනත් පාර දිගෙ අපේ ගමන අපි යනවා යැයි සටන් පාඨ කියන සිසු නායකයන් ගම් වසින්ට බියවි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ තම නිවෙස් බලා මේ මොහොත වන විට පිටත වෙමින් සිටිනවා
නෙලුම් මලක් ගෙන එය මගෙ කියා
එය සිපගෙන හදෙහි උඩින් තියා
කුලුදුල් එක හාදුවකින් නෙලුම තෙමා
කිළිටි නොකර සිටියා එය මගේ නිසා
කදුළු උනුද මම නොදනි
එය මට නුහුරු නිසා

වරද එයද මම සිතමි
අද දුක වැඩිම නිසා
ඔබට කරපු ආදරෙ මට
ඔබ යලි දුන්න නිසා
උමතු කල මා ඔබ
දැන් දුර යන්න එපා

ඉද හිටවත් පුලුවන් නම් කතාකරන්න
කරදරයක් වගේ මා ගැන නොසිතන්න
හදාගන්න මේ හිත උදව් කරන්න
ඉන්න තැනක සතුටෙන් දිවිය ගෙවන්න

Tuesday, March 23, 2010

නොසැලිකිලිමත් බස් රියදුරෙක්




අනුරධපුර රැබැව සදමල්ගම පසුගිය දා නොසැලිකිලිමත් බස් රියදුරෙක් අ/පුර නිවත්ත්කචෙතියෙ මහ විදියලයෙ 6 වසරේ සිසුන් දෙදෙනෙක් යට කරන් ගියා එක සිසුවෙක් එතනම් මිය ගිය අනෙක් සිසුව ඊයේ මියගියා ගම් වාසින් එකට විරොදතාවයක් සන්විධානය කරා මෙ ඒ අවස්තාව

හද දැවුනා
සේයවක් වත් හද තුල මා නොවන ලෙසේ
මායාවක් වි ඔබ සිතුවම් මැකුවෙ කෙසේ

චකිතය වත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ

හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අදුරේ එතුනා
නිවුනා ලොකේ දැවුනා
ඔබ නිමවු සිහිනේ බිදුනා
කදුලැල්ලක් වත් නෙතු තුල මා නොරැදෙන සේ
මගේ ලොව ගිනි දැවෙනා යලි නොනිමෙන සේ

චකිතය වත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසද මියදුනේ
හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අදුරේ එතුනා නිවුනා
ලොකේ දැවුනා
ඔබ නිමවු සිහිනේ බිදුනා
නිමේශයක් විය ඔබේ ලොකේ
සමනලයින් සේ
පියඹුවත් එදා
චපල හැගුම් ඔබ මා දැවුයේ මායාවේ නැ මා යලි දැවෙන්නේ

Monday, July 6, 2009

අනුරාධපුරෙ සිටි ග්‍රිස් යකා වෙඩි කයි......

අනුරාධපුරෙ සිටිය ග්‍රිස් යකා නමින් හදුන්වන අවු27 වයසැති පුත්ගලයෙක් ඊයෙ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක් වි ඇත. මොහු අනුරාධපුරෙ ප්‍රභුකෙනෙකුගෙ නිවසට ඇතුලු විමට යාමේදි මෙම ප්‍රහාරයකට ලක්වි ඇත්තෙ මොහුට වෙඩි තබා ඇත්තේ එම නිවසේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක භටයයි.මොහු රාත්‍රියේ අපුර නගරයේ නිරුවතින් සැරිසැරු හොරෙකි. ප්‍රහාරයට ලක්වන විටත් මොහු නිරුවතින් සිටි බවයි පැවසෙන්නේ ප්‍රහාරයෙන් මොහුගෙ පස්චාත් ප්‍රදේශය බරපතල ලෙස තුවල වී ඇත දැනට ග්‍රිස් යකා අපුර රොහලෙ දැඩිසත්කාර එකකය ප්‍රතිකාර ලබමින් සිටි.