Wednesday, March 24, 2010

නෙලුම් මලක් ගෙන එය මගෙ කියා
එය සිපගෙන හදෙහි උඩින් තියා
කුලුදුල් එක හාදුවකින් නෙලුම තෙමා
කිළිටි නොකර සිටියා එය මගේ නිසා
කදුළු උනුද මම නොදනි
එය මට නුහුරු නිසා

වරද එයද මම සිතමි
අද දුක වැඩිම නිසා
ඔබට කරපු ආදරෙ මට
ඔබ යලි දුන්න නිසා
උමතු කල මා ඔබ
දැන් දුර යන්න එපා

ඉද හිටවත් පුලුවන් නම් කතාකරන්න
කරදරයක් වගේ මා ගැන නොසිතන්න
හදාගන්න මේ හිත උදව් කරන්න
ඉන්න තැනක සතුටෙන් දිවිය ගෙවන්න

No comments: