Friday, May 14, 2010

අවුරුදකට පසු නැවත අතිතයට ගියෙමි



ලබන 18 වෙනිදාට ළක්මව එක්සේසත් වෙලා අවුරුද්දක් වෙනවා. මේ යුද්දෙන් වැඩිම බලපැමක් තිබ්බ නගරයක් තමා අනුරාධපුර කියන්නේ, හතරවන ඉළාම් යුද්දෙන් අපේ රටේ ජාතික විරයන් 64000 පමණ දැයට අහිමි වුනා. එ සියල්ලන්ගෙන්ම 19000 අධික පිරිසක් අනුරාධපුර රණවිරුවන් කිවොත් ඔබ පිලිගන්වද? මේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් හැම පවුලකින්ම අඩුම තරම් එක්කෙනෙක්වත් මේ අතර ඉන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රොහලෙන් මේ රණවිරුවන් කිදෙනෙක් ප්‍රතිකර ලබන්න ඇතිද මොහොතක සිතන්න මේ දේවල එක්කම මිට අවුරුදකට කලින් යුද්දෙන් ජයග්‍රහනය කරපු මොහොතේ අනුරපුර ජනතවට එ මොහොතේ ගත කරපු අයුරු මගේ කැමර කාචයේ සටහන් වුණු අයුරුයි මේ, මේ දේවල් නැවත මතක්කරන්නේ අපරටේ ජිවත් වන සුලු පිරිසකට මේව අමතක වෙල කියල මට හැගුණු නිස කෙසේ වෙතත් අද අනුරපුරයේ රණවිරු ස්මරකය ඉදිරියේ ඔවුනට උත්තමචාරයක් පිරි නැමුනා

Monday, May 10, 2010

සොදුර නුඹ ළිහිනියක



සොදුර නුඹ ළිහිනියක රැයේ අදුරට හඩන
මමද ළිහිනියක වෙමි කැඩුණු තටු පිරි මදින
අහින්සක අප දෙදෙන තටු කඩා මේලෙසින
සිදි ගිය ගග දැළ හැර දැමූවේ කවුද
සදට දොස් නොකියන්න සද කුමක් කරන්නද
බාල වයසින් මැරුණු ප්‍රේමයකි තරු එලිය
කඨුක දුක් විරහ මැද අතරමන් වි ගියද
අප තවම පෙම් කරමු අපේ ජිවිත වලට
කිය දෙමු පියමන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුනු කුරුල්ලන් වි දිනක