Wednesday, April 28, 2010

කාත් කවුරුවත්

කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියානම් හෙටත් තියේවිද
මටත් ඉරක් නැගෙනා
සාන්කාව ඇහෙරෙන ඝන අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඇත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ
වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් ඉද
තවත් පලක් නැත්තේ
එත් කියන්නම් හමුවෙමු මතු බවයේ

Sunday, April 11, 2010



බැම්ම බිදුනු වැ තලයකි සොදුර මා හද ඔබ ගිය පසු
නින්ද නැතිය රැ තුන්යම පෙම් කල සිත ගිනිගත් පසු
වළා සළුව සේ සදවට දැවටිවුනි නුබ මා ලග
කිමද කරනා මේ ලෙස රත්තරනේ සිත බිදෙන්ට
බින්න බැස හිදි ගණදුර පහන් නිවා හද ගැබතුල
ඇද්ද රන්සදක් මිහි පිට නුබ මිස මේ හද මැදුරට
බැම්ම බිදුනු වැ තලයකි සොදුර මා හද ඔබ ගිය පසු
නින්ද නැතිය රැ තුන්යම පෙම් කල සිත ගිනිගත් පසු