Wednesday, April 28, 2010

කාත් කවුරුවත්

කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියානම් හෙටත් තියේවිද
මටත් ඉරක් නැගෙනා
සාන්කාව ඇහෙරෙන ඝන අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඇත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ
වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් ඉද
තවත් පලක් නැත්තේ
එත් කියන්නම් හමුවෙමු මතු බවයේ

2 comments:

Raven said...

සිත් ඇදගන්නා රිද්මයක් සහිත පදවැළක්. නියමයි.

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

කියලා වැඩක් නැත නැ වෙන වචන මට‍....!!! තව මෙවා ලියන්න මචෝ...!!