Saturday, March 27, 2010


ඉකි ගසා හඩන අතිතයක,
කදුළු එක්ක ගනුදෙනු කරනා,
මට මගේ නොවන,
මගේම ආදරයක් තිබුනා.........

හිනෙන් හිනෙහි තුන්යම මා රවටා,
මැදියම් මහ රැ අදටත් හිත ඉගිලෙනවා,
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා,
මට මගේ නොවන,
මගෙම ආදරයක් තිබුනා..........

රිදුමක වගේ කිසිදා සුව නොවෙන,
සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා,
උහුලනු බැරි තැන උණු කදුළුම වගුරුවනා,
මට මගේ නොවන,
මගෙම ආදරයක් තිබුනා............

No comments: